ආදරයේ පාවෙන හැඟුමක්
ජීවිතයක් සෙව්වා //
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවි
ඔබ මාගේ සිත රැවටූ මායාවී //
මා ළඟින් ළංවෙලා ඔබ ඒදා කී කතා
මගෙ දිළිඳු ලෝකෙ මාළිගාවක් කළා
ඒ තැනූ මාළිගා සුන්වෙලා ගිය දිනේ
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ ගියා
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවි
ඔබ මාගේ සිත රැවටූ මායාවී //
වස්සානයේ තනි වෙලා තුරුළු වී උණුසුමේ
දෑඟිල්ලෙ පැටලි උන් සැඳෑව සුන්දරයි
නුඹ මගේ හැම බවේ දිව්රලා සෙනෙහසින්
කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවි
ඔබ මාගේ සිත රැවටූ මායාවී //
No comments:
Post a Comment