කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ පොකුණු තලාවේ කුමුදු හිනාවේ
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
රන්වන් කැළුම් නංවලා //
බඳ වටලා සළු පටලා //
ඔබ දකින දකින දිනක.........
පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
නිල් තරු දෑසෙ හැංගිලා //
ඔබ නැති දා ලොව නැත මා //
ඔබ දකින දකින දිනක.........
No comments:
Post a Comment